තිස්සමහාරාමයේ දරුවකු නිරාහාරව මියයාම ගැන විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) –තිස්සමහාරාම නැදිගම්වල ග්‍රාම නිලධාරී වසමට අයත් විජයපුර ප්‍රදේශයේ මාස 11 ක දරුවකු නිරාහාරව මිය යාම පිලිබදව විධිමත් පරික්ෂණයක් කඩිනමින් පවත්වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සභාපති , ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා වෙත දැනුම් දුන්නේය.

සෑම ග්‍රාම නිලධාරී වසමක් ආවරණය වන පරිදි සමෘද්ධි නිලධාරී , පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී , ග්‍රාම නිලධාරී , ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරී ලෙස සෘජුව ජනතාව සමග සමීපව කටයුතු කරන නිලධාරීන් සිටියදී මෙවැනි සිද්දියක් වුයේ කෙසේද යන්න පිලිබදව එහිදී වැඩි අවධානයක් යොමු කල යුතු බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මෙහිදී රාජ්‍ය අමාත්‍යතුමා දිස්ත්‍රික් ලේකම් වෙත දැනුම් දුන්නේ දරුවකු බිහිවූ දින සිට අවම වශයෙන් වසරක් යන තෙක් එම ළමයා පිලිබදව නිරන්තර නිරීක්‍ෂණය සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සොයාබලනවා , නිවෙසින් නිවස සතිපතා මෙම නිලධාරීන් යනවා . එහිදී මෙම දරුවා පිළිබද නිරීක්‍ෂණය නොවුයේ මන්ද . ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී , ආර්ථික සංවර්ධන නිලධාරීන් සමෘද්ධි සහනාධාරය ලබාදීම පිලිබදව සොයාබැලීමට නිවසින් නිවෙස වෙත ගියා . ඔවුන්ට මෙම දරු පවුල හමු නොවුණා ද , යන්න පිළිබද බරපතල ගැටළුවක් බවය .

නිවසේ මුලිකයා යම් මන්ද මානසික තත්වයකින් පෙළෙමින් සිටින බව දැන ඔහු සමෘද්ධි සහනාධාරය එපා යැයි පැවසීම නිසා සමෘද්ධි සහනාධාරය නොදුන් බවට නිලධාරීන් කරන ප්‍රකාශ පිළිගත හැකිද යන්න පිලිබදවත් , සොයාබැලීම සදහා විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම් වෙත උපදෙස් දුන්නේය .

එහිදී හෙළිවන තොරතුරු මත වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව වහා විනය පියවර ගැනීමටත් , නිත්‍යානුකූලව කටයුතු කර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවීම සදහා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද ආදර්ශයක් ලෙස අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යතුමා දිස්ත්‍රික් ලේකම් වෙත උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + eighteen =