විලියම්- කේට් ගේ ආරක්‍ෂක රථයක ගැටී කාන්තාවකට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –කේම්බ්‍රිජ් හි ආදිපාද යුවළ ගේ පොලිස් ආරක්‍ෂක අංශයේ රථයක ගැටීමෙන් තුවාල ලත් මහලු කාන්තාවක් බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.

විලියම්- කේට් දෙපල ලන්ඩනයේ සිට වින්ඩ්සර් මාලිගය වෙත ගමන් කරමින් සිටියදී පොලිස් යතුරු පැදියක 83 හැවිරිදි ඇය ගැටී ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

රාජකීය යුවළ මේ පිළිබඳව දැඩි සේ ශෝකයට පත්වන බවත් අනතුරට පත් කාන්තාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත් කෙන්සිංග්ටන් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඔවුන් විසින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ඇය වෙත ‍මල් කළඹක් ද යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 1 =