අමෙරිකා රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ පැවැත්විමට නියමීත ජී – 20 සමුළුවට සහභාගි විම සහ නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔ මහතා ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමීතව තිබු සංචාර අවලංගු කර ඇත.

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බවට මින් පෙර අමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *