පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාක්ෂි විමසීම මින් ඉදිරියට රහසිගතයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා පත් කළ විශේෂ කාරක සභාව මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී සාක්ෂිකරුවන්ගේ අන්‍යනතාව හෙලි නොකිරීමට තීරණය කර තිබේ.

සාක්ෂි විමසීම රහසිගතව සිදු කිරීමට ඊයේ(19) පස්වරුවේ රැස්වූ එම කාරක සභාව තීරණය කළේය. ඒ අනුව සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව එම කටයුතු සිදු කිරීමට තිරණය කළ බව එහි සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *