වරද පිළිගත් ඊශ්‍රායල අගමැති බිරිඳ

(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳට එල්ල වූ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ චෝදනාවට වරද පිළිගෙන ඇති අතර ඇයට ඇමරිකානු ඩොලර් 15,000ක මුදලක් ආපසු ගෙවීමට අධිකරණය නියෝග කර තිබේ.

නිල නිවසේ කෝකියන් නොමැති බව පවසමින් පිටතින් ආහාර රැගෙන ඒමට ඩොලර් 99,300ක් වියදම් කළ බවට චෝදනා එල්ල කරමින් වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම යටතේ පසුගිය වසරේ දී සාරා නෙතන්යාහුට නඩු පැවරිණි.

ඇයගේ නීතිවේදියා කියා සිටියේ මෙම නඩුවට අගමැති බිරියගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ඇයගේ සැමියාට අවමන් කිරීම බවය.

කෙසේ වෙතත් ඇය වරද පිළිගැනීම හේතුවෙන් දඩ මුදල් වශයෙන් ඩොලර් 2,777ක් සහ මුළු මුදලෙන් ඩොලර් 12,490ක් ගෙවීමට ඇයට නියම විය.

ඇය වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය පහසු වූ අතර නම් කර සිටි සාක්ෂිකරුවන් අසූ දෙනා ගෙන්වීම ද වැළැක්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *