අත්‍යවශ්‍ය ආහාර වේලට හොඳම විසඳුම ‘‘සමපෝෂ Ready Mix”

(කොළඹ, ලංකාපුවත්) – මිනිස් ජීවිතයේ ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වනඅතර ආහාර වේල් තුනකින් සමන්විතවූ දෛයිනික ජීවිතයේ ප්‍රධානතම අත්‍යවශ්‍ය ආහාර වේල වන්නේ උදෑසන ආහාරයයි.

නමුත් කාර්ය බහුල ජීවන රටාව නිසා ඒ අත්‍යවශ්‍යම උදෑසන ආහාරවේල ඔබට මඟහැරෙන අවස්ථා අපමණයි. එමගින් සිදුවන්නේ දවස ජීවයෙන් ඇරඹීමට අවශ්‍ය පෝෂණය ඔබෙන් ඈත්වීමයි. මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයන් මෙපමණයැයි කීමට නොහැකිතරම්.

මෙකී කාරණා ඉතා මැනවින් අවබෝධ කර ගත් CBL සමපෝෂ, ‘‘සමපෝෂ Ready Mix ” නවමු ආහාරමය නිෂ්පාදනය ඔබ අතටපත් කරන්නේ කාර්ය බහුල ජීවිතයේදී ඔබට මගහැරෙන ඔබගේ Breakfast එකට පෝෂණ ගුණයෙන් ඉහළ පරිපූර්ණ විසඳුමක් ලෙසිනි.

දේශීය ධාන්‍ය 4කින් සුසැදි සමපෝෂ සමඟ වියළි පොල්, ලූණු සහ සීනි අවශ්‍ය පදමට අඩංගුකර ඇති සමපෝෂ Ready Mix මිශ්‍රණයට ඔබ එක්කළ යුත්තේ අවශ්‍ය පමණට ජලය පමණි.

අලූතින් ඉදිරිපත් කළ සමපෝෂ Ready Mix 80g Breakfast පැක්එකක් සමඟ ඔබට මගහැරුණු දවසේ වැදගත්මආහාර වේල ඉතා කෙටිකාලයකින් අත්‍යවශ්‍ය පෝෂණ කොටස් සහිතව ලබාගැනීමේ හැකියාව ලැබී ඇත.

නවතම සමපෝෂ Ready Mix 80g නිෂ්පාදනයපිළිබඳව CBL සමුහයේ ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා අදහස් දක්වමින් කියාසිටියේ, ‘‘පෝෂදායි ධාන්‍යමය ආහාරයක් ලෙස සමපෝෂ දිනා තිබෙන විශ්වාසය නවතම සමපෝෂ Ready Mix 80g නිෂ්පාදනය සමඟ පාරිභෝගිකන්ගේ සිත්සතන් තුළ තවදුරටත් තහවුරු කරන්නේ, සියලු දෙනාටම අවශ්‍ය පෝෂණය ඉතාපිරිසිදුව, රුපියල් 50/=වැනි සුළු මුදලකට පාරිභෝගික ජනතාවට ළඟා කරදෙමින් දවස ජීවයෙන් ඇරඹීමට ඔවුන් සමඟ අත්වැල් බැඳගනිමින්’’බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =