ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් – ලංකාවට බලපෑමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ ‘බන්ඩා‘ මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඉන්දුනීසියා වේලාවෙන් අද (24) පෙරවරුවේ 08.23ට මෙය සිදු ව ඇති අතර ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, මෙම භූ චලනය ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවයි. ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල වී නොමැති බව සදහන් කෙරුණි.

මේ අතර ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා කාර්යංශය සදහන් කර ඇත්තේ සුනාමි අවධානමක් නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *