ප‍්‍රවීණ ගායන ශිල්පිනි ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය ඊයේ(23) අභාවප්‍රාප්ත වූවාය.

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ දයාබර බිරිඳ වූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියයන විට 83 වන වියේ පසු විය.

ඉන්ද්‍රණි සේනාරත්න මහත්මියට දරුවන් තිදෙනෙකි. මේ වන විට ඇගේ දේහය බොරැල්ලේ ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =