බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීම් පිළිබද විශේෂඥ වැඩමුළුවට අමාත්‍ය දිලිප් වෙදආරච්චි

(කොළඹ, ලංකාපුවත්) – කොරියාවේදී ඊයේ [ 23 ] ආරම්භ වූ බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම පිළිබද විශේෂඥ වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් සහභාගී වී සිටිති.

රටවල් ගණනාවක සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම විශේෂඥ වැඩමුළුව ලබන 29 දින දක්වා කොරියාවේ Seoul සහ බ Busan නගර වලදී පැවැත්වේ.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා 2016 වසරේ කොරියාවේ සිදුකරන ලද සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරාය ව්‍යාපෘතිය සදහා අත්සන් කරනු ලැබිණි. මෙම බහුකාර්ය ධීවර වරාය සංකල්පය ලෝකයටම නැවුම් සංකල්පයකි.

මෙම බහුකාර්ය ධීවර වරාය ඉදිකිරීමේ සංකල්පය ලංකාවට හදුන්වා දෙනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසිනි.

මෙහි ප්‍රථම සැසිය සදහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් [ සංවර්ධන ] එම්.පි.එන්.එම්.වික්‍රමසිංහ , ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ඉංජිනේරු කළමණාකාර ඩබ්ලිව්.නිශාන්ත වික්‍රමසුරිය මහත්වරුන් සමග රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජි.එම්.දිනේෂ් කුමාර මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *