ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණ දෙන්න සූදානම් – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට ලෝකය මුහුණ දී තිබෙන කලාපීය හා ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සාර්ථකව මුහුණ දීම සඳහා හමුදාවන් – හමුදාවන් අතර මෙන්ම රජයන් – රජයන් අතරද විශේෂ සබඳතා පවත්වාගෙන යායුතු බවත් ශ්‍රී ලංකාව මේ වන විට එම සබඳතා සාර්ථකව ගොඩනඟාගෙන ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 49 වැනි පුහුණු පාඨමාලාවේ විසිරයෑමේ උත්සවයට සහභාගි වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. තවත් අයි. එස්. ප්‍රහාරයක් ගැන ඉන්දීය ඔත්තු සේවා යළි දැනුම් දී ඇති බවට පළ වන වාර්තා පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මෙසේද කීය.

“ඔව්. තවත් අයි. එස්. ප්‍රහාරයක් පිළිබඳව ඉන්දියාවෙන් යම් දැනුම් කර තිබෙනවා දැක්කා. නමුත් යුද හමුදාව ප්‍රමුඛව ගුවන් හා නාවික හමුදාවනුත් ශ්‍රී ලංකා පොලීසියත් මේ ගැන විශ්ලේෂණය කරනවා. ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. කොහොම නමුත් ඕනෑම රටක ඕනෑම මොහොතක යම් දෙයක් වෙන්න පුළුවන්. ඒ ගැන තහවුරු කරන්න, ස්ථිර කරන්න බැහැ. නමුත් අපි දැන් මේ ජාලය හඳුනාගෙන තියනවා. අපි ඉන්දියාව සමඟ, විශේෂයෙන්ම බුද්ධිමය කටයුතු සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. කලාපීය වශයෙන් සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට තමයි අපි මුහුණ දෙන්නේ. ඒ සඳහා අවිවාදයෙන්ම හමුදාවන් අතර සහ රජයන් අතර සබඳතා ගොඩනඟා ගත යුතු වෙනවා. ශ්‍රී ලංකාව වශයෙන් අපි ඒ සබඳතා මේ වෙනකොට ශක්තිමත්ව ගොඩනඟාගෙන තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *