දුම්රිය වර්ජනය නිසා ලංගමයට රුපියල් මිලියන 79 ක අදායමක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය සේවක වැඩවර්ජනය පැවති කාල සීමාවේදී රුපියල් මිලියන 79 ක අදායමක් ඉපැයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමත් ව ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා පැවසීය.

වර්ජනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා පසුගිය 21වනදා සිට 23වනදා දක්වා අතිරේක බස් ගමන්වාර රැසක් ක්‍රියාත්මක කර තිබුනි.

එම කාලය තුළ ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර උපරිම සේවාවක් සැලසු බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *