ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මාස 8 ක කාලයක් තුළ ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිණි.

ඒ අනුව 2019 ජූලි 15 වන දා සිට 2020 මාර්තු 14 වන දින දක්වා කාලය සඳහා අවශ්‍ය ඩීසල්(උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 420,000 ක් ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,040,000 ක් සහ පෙට්‍රල්(92UNL)බැරල් 1,084,000 ආනයනය කිරීම සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිදු කරනු ඇත.
සිංගප්පූරුවේ පෞද්ගලික සමාගම වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *