දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනූව ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහනක් ලබන 28 වැනි පැවැත්වීමට නියමිතයි. ඒ උදෑසන 9.00ට නාරාහේන්පිටි ශාලික ශාලාවේදීය.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ඍජු අධීක්ෂණය සහ සහභාගිත්වය යටතේ පැවැත්වෙන එම වැඩසටහනට දැනට විශ්‍රාමලත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන්ට සහභාගි වන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *