බදියුදීන් හා යුද හමුදාපති තේරීම් කාරක සභාවට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි අද(26) රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්වරු 02.00ට එම කාරක සභාව රැස්වෙනු ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට සහ රිෂාද් බදියුදීන් මන්ත්‍රිවරයාට දැනුම්දී ඇති බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *