මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම දෙන්න ජනපති අත්සන් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඩුවම ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපති මන්දිරයේ අද(26) පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. ජනාධිපතිතුමා කියා සිටියේ, ඒ සඳහා දිනය ද තීරණය කර ඇති බව යි.

“සෝෆා“ සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

වත්මන් දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රට තුළ නායකයින් දෙදෙනෙකු බිහි වූ බව ජනාධිපතිවරයා සදහන් කළේය.

ඉරියේදී ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කර යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

මේ අතර ජනාධිපතිවරයෙන් මාස දෙකකට පසු මහ මැතිවණයක් පැවැත් වෙන බවත් රටට ශාපයක් වී ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයක් බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම ජනමත විචාරනයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =