උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –ජාතික පාසල්වල සිසුසිසුවියන් හා ගුරුවරුන් සදහා ටැබ් පරිගණක ලබාදීම සදහා කැබිනට් අනුමැතිය හිමිවෙයි. ඒ යටතේ එහි පළමු අදියර ලෙස ලබන අගෝස්තු මාසයේදී ටැබ් පරිගණක ලක්ෂයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඊයේ (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ජාතික පාසල්වල සේවයේ යෙදී සිටි උපාධි හෝ ගුරු පුහුණුව නිමකළ ගුරු සහායකවරුන් 44 දෙනෙකු සදහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *