කිළිනොච්චි දුම්රිය අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබළෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කිළිනොච්චියේ ඒ – 09 මාර්ගයේ 55 හංදියේ දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලබා සිටි තවත් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි හමුදා සෙබළෙකු ඊයේ(25) රාත්‍රියේ එලෙස මිය ගොස් ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයෙකු තවදුරටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඊයේ පස්වරුවේදී කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය කළ යාල් දේවි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු විය.

අනතුරට ලක්වන අවස්ථාවේ ට්‍රක් රථයේ සිටි හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 7ක් වන අතර ඔවුන් ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබුණි. දුම්රිය අනතුරින් එහිදී සෙබළුන් 05දෙනෙකු මිය ගොස් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *