ඕනෑම අවස්ථාවක මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එවන් දැනුම්දීමක් සිදු කළ ඕනෑම අවස්ථාවක එය ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය හිමිවී සිටින සිව් දෙනෙකු සදහා මරණ දඩුවම ලබාදීමට තමන් අත්සන් කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (26) ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 3 =