තාජුඩීන් ඝාතනයට අදාළව අනුර සේනානායකට අධිචෝදනා භාරදීම අද

(කොළඹ, ලංකාපුවත්) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කල බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව අද කැඳවීමට නියමිතව තිබෙන අතර , ඊට පෙනී සිටින ලෙස දක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබීය.

මීට අමතරව නීතිපතිවරයා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ගොණු කර ඇති අධි චෝදනා පත්‍ර අද (27) දිනයේදී භාරදීමට නියමිතයි.

2012 වසරේ මැයි මාසයේදී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළදී ඝාතනයට ලක්වූ අතර , එම ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යානුකූල දඩුවමෙන් ආරක්ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයූ බවට අනුර සේනානායක මහතාට එරෙහිව අධිචෝදනා ගොණුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *