දංකොටුව සති පොළ භූමියේ සියළුම ජාතීන්ට වෙළදාම් කරන්න ඉඩ දෙන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) – සියළුම ජාතීන්ට අයත් වෙළෙන්දන්ට දංකොටුව සති පොළ භූමීය තුළ වෙළදාම් කරන්න ඉඩ දෙන්නැයි මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත නියෝග කළේය.

පවතින වතාවරණය සැලකිල්ලට ගනිමින් මුස්ලිම් ජාතික වෙළෙන්දන්ට පසුගිය 24වනදා දංකොටුව සති පොළ භූමීය තුළ වෙළදාම් කිරිම තාවකාලකව වළක්වමින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා නියෝගයක් නිකුත් කර තිබුණි.

දංකොටුව සති පොල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව නඩුව පවත්වා ගෙන යා හැකිද යන්න සම්බයෙන් විමසා බැලීම ලබන මස 23 වැනිදා දක්වා කල් තැබීමට මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *