මන්නාරම සමූහ මිනීවළ කසළ වළක් වේ

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරමේ සතොස වෙළෙඳ සංකීර්ණය අසලින් හමු වූ සමූහ මිනීවළ මේ වන විට කසළ වළක් බවට පත් වෙමින් පවතී.

මෙම මිනීවළෙන් හමු වූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනගාරයෙන් ලද වාර්තාවන්ට අනුව එම එම අස්ථි කොටස් වසර 1,500කට වඩා පැරණි ඒවා බවට හෙළි වීම නිසා ඉදිරියේදී යම් අවශ්‍යතාවක් වුවහොත් පමණක් කැනීම් සිදු කිරීමට හැකි වන පරිදි මිනීවළ පස් යොදා වසා දැමීමට මන්නාරම අධිකරණය තීන්දු කළේය.

ඒ නියෝගයට අනුව වසා දැමූ සමූහ මිනීවළ මතට මේ දිනවල ඒ අසලින් යන එන අය කසළ දමන්නට පටන් ගැනීම නිසා සමූහ මිනීවළ ක්‍රමයෙන් කසළ වළක් බවට පත් වෙමින් පවතින බව මන්නාරමේ නගරවාසීහු කියා සිටිති. පරිසර සංවිධාන හා වෙනත් අය මේ ස්ථානයට පැමිණ එම කසළ ඉවත් කිරීම කරන නමුත් ජනතාව සමූහ මිනීවළ මතට කසළ දැමීම නොනවත්වාම කරගෙන යන බව මන්නාරම නගරවාසීහු කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *