කෝලි තවත් කඩ ඉමක් පසු කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය නායක විරාට් කෝලි සිය අන්තර්ජාතික ලකුණු 20000 සම්පූර්ණ කිරීමට සමත්විය.

ඒ අනුව ඉන්දීය අඩුම ඉනිම් ගණනකදී ලකුණු 20000 පසුකර ගිය පළමු පිතිකරුවා ලෙසින් වාර්තා පොතට සිය නම එක්කර ගත්තේය.

කෝලි මේ වන විට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ඉනිම් 417ක් කී‍්‍රඩා කර තිබේ.

ඉන්දීය නායකයා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේදී පන්දු 82 කදී ලකුණු 72 ක් රැස්කළ අතර එම ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් කිරීමට ඔහු සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *