එජාපය අද සිට මැතිවරණය ඉලක්ක කර වැඩ

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිය ප‍්‍රචාරක ව්‍යාපාරය අද (01) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජි කාරියවසම් කියා සිටියේ “ඊළඟ එන ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නයි තීරණය කරලා තියෙන්නේ. මෙම ප්‍රචාරක වැඩපිළිවෙල ගෙන යෑම සඳහා රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන, මුජුබර් රහුමාන් සහ මමත් ඇතුළත්ව සැසුම්ලත් කමිටුවක් පත් කරනු ලැබුවා. මේ කමිටුව මගින් ඉදිරි වැඩපිළිවෙල ඉදිරියට ගෙනයනවා.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *