කිරින්ද මුහුදේ අනතුර රෝහල්ගතව සිටි බිරියත් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –කිරින්ද මුහුදු වෙරළ තීරයේදී සැමියා හා දරු දෙදෙනා සමඟ ඉකුත් 23 දින සැඩ රළ පහරට අසුව අසාධ්‍යය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මියද පෙරේදා (29) රාත්‍රියේ මිය ගොස් ඇත.

ඇගේ සැමියා හා දියණියන් දෙදෙනා රළ පහරට අසුව ගසා ගෙන ගොස් මරණයට පත්වූ අතර හසිනි තිස්සමහරාම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතීන් විසින් ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇත.

හෂිනි සිය පවුල සමඟින් ඇය සේවය කරන පෞද්ගලික බැංකුවේ සාමාජිකයන් විසින් සංවිධාන කළ විනෝද චාරිකාවකට එක්ව ඇත්තේ පසුගිය 21 දිනය. යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදී කිරින්ද මුහුදු වෙරළේ රළ පාගමින් සිටියදී හෂිනි, සැමියා හා දරු දෙදෙනා මුහුදේ ගසා ගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ සැමියා වන නුවන් විජේසූරිය සමඟ සහලා හා නදීෂා යන වයස අවුරුදු හයක් හා හතරක් වන දියණියන් දෙදෙනා මිය ගියහ.

හැටන් සාත්තු නිවාස පාරේ නිවසක පදිංචිව සිටි ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු පසුගිය 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =