ශ‍්‍රී ලංකාව තුළ කිසිදු කඳවුරක් පිහිටුවන්නේ නැතැයි අමෙරිකාවෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව තුළ අමෙරිකා කඳවුරක් ස්ථාපිත කිරිමේ කිසිදු සැළසුමක් හෝ අදහසක් නොමැති බව අමෙරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

අමෙරිකාව සමඟ ඇතිකර ගැනීමට නියමිත සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ වාර්තා පදනම් කර ගනිමින් ඇය මෙම සටහන තබා ඇත. එම ගිවිසුම මගින් ශ්‍රී ලංකාව අමෙරිකානු හමුදාවේ යටත් විජිතයක් බවට පත් කිරීමට අමෙරිකාවේ ගැඹුරු සැලැස්මක් පෙන්නුම් කරන බව, ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබූණි. ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි තානාපතිවරිය සඳහන් කළේය.

සෝෆා හෙවත් සේනා තත්ව ගිවිසුම හා එම සාකච්ජාවල අරමුණ වන්නේ, දෙරටෙ අතර පවතින සහයෝගිතාවයට තවදුරටත් පහසුකම් සැලසීම පමණක් බව ඇය කියා සිටියේය.

එමඟින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි සිදුනොවන බව ඇය වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *