සිර දඬුවම් නියම වු හිටපු DIG ඇප මත නිදහස් (UPDATE)

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට ලබාදුන් වසර සිර දඬුවමට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇපෑලක් ගොනු කළේය.

ඒ අනුව අභියාචනාව සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමටට නියෝග කළාය.

අල්ලස් පනත යටතේ වරදකරුවු හිටපු DIGට වසර 03 ක සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –අල්ලස් පනත යටතේ චෝදනාවකට වරදකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 03 ක සිරදඬුවම් සමග රුපියල් ලක්ෂ තුනක දඩයක් නියම කරමීන් තීන්දුවක් ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) කටයුතු කළේය.

අදාල නඩුව අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විභාගයට ගැනුණි.

හෙක්ටර් ධර්මසිරි මහතා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමයේ 2007 කාල වකවානුවේදී මාතලේ ඉදිකළ සිය නිවසේ වැඩට ග්‍රාමාරක්ෂකයන් 05 ක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙක් නීති විරෝධීව යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව විසින් මෙම නඩුව පවරා තිබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දිනයේ එහි තීන්දුව ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ සැකකරු චෝදනා 6 කට වරදකරු කරන බවයි.

ඒ අනුව එම චෝදනා 6 ට වෙන් වෙන්ව වසර බැගින් ලිහිල් සිර දඩුවම් නියම කල අතර එම සිර දඩුවම් වසර 3 කින් ගෙවී යන ලෙස ලබාදීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

මෙවැනි දඩුවමක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මෙම චෝදනාවලට ලක්වන සහ එවැනි වැරදි සිදුකරන සෙසු රජයේ නිලධාරීන්ට ආදර්ශයක් වන ලෙස බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *