ඉන්දියාවේ බසක් පෙරළී 44ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිමචල් ප්‍රදේශයේ කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුර හේතුවෙන් අවම වශයෙන් 44 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 28 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

රෝහල් ගත පිරිස අතරින් වැඩි දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ. පාසැල් හා කාර්යාල වෙත ගොස් ආපසු පැමිණෙමින් සිටි කාන්තාවන්, සහ සිසුන් රැසක් තුවාලකරුවන් අතර වේ.

මෙම බස් රථය අඩි 500ක් පමණ ප්‍රපාතයට පෙරළී ඇති බව සඳහන් වේ. අනතුර සිදු වන අවස්ථාවේ මගීන් 60 දෙනකුට වැඩි පිරිසක් එම රථයේ සිට ඇති අතර එහි වහල මත ද මගීන් රැඳී සිට ඇත.

ඉන්දීය කඳුකර මාර්ග වල මෙවන් අනතුරු බහුල අතර බොහෝ විට ඒවායින් මරණයට පත් වන්නේ හා තුවාල ලබන්නේ පාසැල් ළමුන් බව ප්‍රාදේශීය වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *