මාදම්පේ ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –හලාවත,මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කිරීමේ ස්ථානයක අද (02) අළුයම ඇතිවූ ගින්නකින් ලොරි රථයක් මුළුමනින් විනාශ වී තිබේ. එසේම තවත් ලොරි රථ දෙකකට සුළු හානි වී ඇත.

මේ අවට නිවාස කීපයක් තිබු අතර එම නිවාස වෙත ගින්න පැතිර යාම වැළැක්විමට මාදම්පේ පොලිසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසින් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඇතැයි වාර්තා වේ. එසේම ජල බවුසරයක් ගෙන්වා එම ජලය යොදාගනිමින් ගින්න පාලනය කිරීමට පියවර‍ ගෙන ඇත.

මේ වනවිට ගින්න පාලනය කිරීමට හැකිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *