සතියකට වරක් සිදුකිරීමට තිබූ වර්ජනයෙන් දුම්රිය වෘත්තිය සමිති ඉවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුව විසදෙන තුරු සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් ඔවුන් පවසන්නේ ප‍්‍රවාහන බලධාරීන් දුම්රිය සේවක අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තිය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවය.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 3 =