පලා ගිය ඩුබායි පාලකගේ බිරිද, ස්වාමියා ගැන කියූ දේ

(කොළඹ, ලංකාපුවත්) – තම ස්වාමියා ගෙන් මිදී පලා ඒම පිළිබඳව බියෙන් පසු වන බව ලන්ඩනයේ සැඟවී සිටින ඩුබායි පාලක ෂෙයික් මොහම්මඩ් අල් මැක්ටුම් ගේ බිරිඳක වන හයා බින්ට් අල්- හුසේන් කුමරිය පවසයි.

45 හැවිරිදි හයා කුමරිය ජෝර්දානයේ උපත ලබා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇති අතර 2004 වසරේ දී ෂෙයික් මොහම්මඩ් ගේ හය වැනි හා කණිෂඨ බිරිඳ බවට පත් වී ඇත.

ඇය මේ වසරේ දී ජර්මනියට පලා ගියේ එරට රැකවරණ පතමින් වුවත් මේ වන විට මධ්‍යම ලන්ඩනයේ කෙන්සිංග්ටන් මාලිගා උද්‍යානයේ පවුම් මිලියන 85ක් වටිනා නිවසක ජීවත් වේ.

ඇය මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග වලට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *