යුද හමුදා කණ්ඩායමක් සාම සාධක රාජකාරී සඳහා පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා 61 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් අද(03) දකුණු සුඩානය බලා පිටත්ව ගියේය.

එම කණ්ඩායම නිළධාරීන් 11 දෙනෙකුගෙන් සහ යුද හමුදාවේ වෛද්‍ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

ඔවුන් දකුණු සුඩානයට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන 06 වන හමුදා කණ්ඩායමයි. මෙම කණ්ඩායම වසරක කාලයක් එහි සේවය කිරීමට නියමිත බව යුද හමුදාව පැවසීය.

මෙම කණ්ඩායම පිටත්ව යාමත් සමග එහි සේවය කරන 66 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් යළි දිවයිනට පැමිණෙන බව ද යුද හමුදාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *