I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලේ

(කොළඹ, ලංකාපුවත්) – මාර්ග සංවර්ධන අධිකාරිය, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කරන I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ(02) මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී I-Road ව්‍යාපෘතිය මගින් දකුණු පළාතේ ක්‍රියාත්මක කරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ප්‍රගති සමාලෝචනය කරන ලදී.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී , මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීහු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *