SLFP ප්‍රතිසංවිධානය යටතේ තිලංගට මොරටුව

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායක පත්වීම් ප‍්‍රදානය සහ සංවිධායක ධූරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඒ අනුව මොරටුව ආසනයේ නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස තිලංග සුමතිපාල මහතා ද, රත්නපුර ආසනයේ නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස නීතිඥ පි‍්‍රයන්ත කරුණාතිලක මහතා ද, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙ නව සංවිධායක ලෙස බී.ආර්. උඩවත්ත මහතා ද, ඇලහැර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සම සංවිධායක ලෙස රෝහිත හත්තොටුව මහතා ද පත් කර සිටි.

මහනුවර ගලගෙදර ආසනයේ නව සංවිධායක ලෙස ලාල් සිසිර බණ්ඩාර ගිරිහාගම මහතා ද,බිබිල ආසනයේ නව සංවිධායක ලෙස නීතිඥ උදාර සොයිසා මහතා ද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අතර දිස්ති‍්‍රක්ක කිහිපයක් සඳහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ට ද මෙහිදී ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි පිළිගැන්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *