කතරගමට පොලිතින් තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සව සමයේ එම ප්‍රදේශය පොලිතින්වලින් තොර කලාපයක් බවට නම්කර තිබේ.

එම වැඩසටහන ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

ඇසළ උත්සවයට පැමිණෙන සියලුම බැතිමතුන් පොලිතින් හා ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

‘සුරිඳුනි කතරගම – සුරකිමු සමගිකම‘ යන තේමාව යටතේ මෙවර වාර්ෂික ඇසළ උත්සවය සංවිධාන කර ඇත.

පෙරහැර සමයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් කතරගම පූජා භූමියට පැමිණෙමින් සිටියි. ජනාධිපති ලේකම් කාර්යාලය, කතරගම දිස්ත්‍රික් ලේක්ම කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය හා කතරගම ප්‍රාදේශීය සභාව එක්ව කතරගම පූජා භූමි ප්‍රදේශය තුළ පරිසර දූෂණය අවම කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *