කෝලි දිව ගිය ක්‍රිකට් ලෝලී කාන්තාව

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දියාව අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමත් සමග ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි එය සැමරීමට 87 හැවිරිදි ක්‍රිකට් ලෝලී කාන්තාවක වෙත දිව ගිය අයුරු දක්නට ලැබුණි.

ඇය තරඟය පුරා ඉන්දීය කණ්ඩායම දිරි ගන්වන අයුරු අන්තර්ජාලයේ පැතිර ගිය අතර තරඟය අවසානයේ අනෙක් ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයෙන් නික්ම යද්දී කෝලි සහ තරඟයේ වීර‍යා වූ රෝහිත් ෂර්මා කෙලින්ම දිව ගියේ චාරුලත් පටෙල් නම් ඇය වෙතය.

ලෝක කුසලාන තරඟය ආරම්භ කිරීමට වසර 43 කට පෙර උපන් ඇය පරම්පරා ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු නරඹා ඇති බවත් ඒ අතරින් විශිෂඨතමයා විරාත් කෝලි ලෙස විශ්වාස කරන බවත් මාධ්‍යවේදියකු විසින් ට්විටර් සටහනක් තබමින් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 17 =