පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය පුද්ගලයෙක් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අක්මීමන පොලිස් වසමේ මානවිල ප්‍රදේශයේ පිහිටි උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ පුද්ගලයෙකුට ආරක්ෂාවේ යොදවා සිටි යුද හමුදා සෙබළෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇත.

අද(04) දහවල් 12.05ට පමණ විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලය ඇතුළු වීමට ගිය මෙම පුද්ගලයා නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇති අතර, එහිදී යුද හමුදා නිලධාරීයාට බාධා කරමින් ගිනි අවිය උඳුරා ගැනීමට උත්සහ දරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එම අවස්ථාවේ දී එය මැඩ පැවැත් විමට යෑමේ දී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙක් බව අනාවරණය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අක්මීමන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 − two =