බංගලාදේශ අගමැතිනී ඝාතනය තැතට 09කට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) –මීට වසර 24කට පෙර එනම් 1994 වර්ෂයේදී බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා ඝාතනය කිරීමට තැත් කිරීමට එරෙහිව එරට අධිකරණය විසින් ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් 09දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත.

තවත් පුද්ගලයින් 25 කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්ද, තවත් 13දෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම්ද නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිද්ධිය සිදුවන විට ෂෙයික් හසීනා බංගලාදේශයේ විපක්ෂ නායිකාව වූ අතර ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ බෙගම් ඛලීඩා සියා අගමැතිනිය විය.

ෂෙයික් හසීනා ගමන් කළ දුම්රියට බෝම්බ විසි කර වෙඩි තබා ඇයව ඝාතනය කිරීමට තැත් කළ බව සැකකරුවන්ට එරෙහිව තිබූ ප්‍රධාන චෝදනාව විය. ඩකා අගනුවරින් කිලෝමීටර් 160 ක් දුරින් පිහිටි පබ්නා නගරයේදී මෙම ප්‍රහාරය එල්ල විය. 1994 සැප්තැම්බර් 23 වනදා මෙම සිද්ධිය සිදුවූ අතර එමගින් ෂෙයික් හසීනාට එමගින් තුවාල සිදු නොවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *