බිඳ වැටුණු සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) – රටවල් රැසකට බලපාන පරිඳි ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්‍යවල ඊයේ(03) පස්වරුවේ ඇතිවූ අවහිරතාව මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.

මෙම සමාජ වෙඩ් අඩවි වෙත ළඟාවීමට නොහැකි වීමෙන් ලොව පුරා ගිණුම්හිමියන් රැසක් ඊයේ දුෂ්කරතාවයට පත් විය. පැය 12 ක පමණ කාලයක් මෙම බිඳවැටීම පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය නඩත්තු කටයුත්තකදී උද්ගත වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස මෙම වෙබ් අඩවි බිඳ වැටුණු බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර ඇත.

එබැවින් පරිශීලකයන්ට මෙම සමාජ ජාල ඔස්සේ ඡායාරූප, වීඩියෝපට සහ පණිවුඩ හුවමාරු කිරීමට හැකියාව ලැබුනේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *