මදූෂ් මෙහෙයවූ අපරාධ කීපයක් අනාවරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකදුරේ මධූෂ් කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ කිහිපයක් ඩුබායි සිට මෙහෙයවූ බව මේ වනවිට අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

එසේම පිලියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිම , කොස් මල්ලී ඝාතනය මෙන්ම, මහරගම කෝටි 700 දියමන්ති කොල්ලය ද මාකදුරේ මධූෂ් ඩුබායි සිට මෙහෙය වූ බවට ද අනාවරණ වී තිබේ.

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවේ.

ඉකුත් පෙබරවාරි 5 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු එරටදී අත්අඩංගුවට ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *