සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරේ මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

එම කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා කියා සිටියේ පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි.

අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැනවූ තහනම මේ වනතෙක් ඉවත් කරගෙන නොමැත.

කෙසේවෙතත් ඉන්දියාව , කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් එම තහනම ඉවත් කරගැනීමට කටයුතු කළේය.

මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ් ප්‍රහාරවලින් පසුවද ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරයට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ලෝ ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව පසුගියදා ප්‍රකාශ කළේය. දේශගවේෂණය, අධ්‍යාපනය ලැබීම, සංචාරය කිරීම යනාදිය වැළැක්වීමට පාස්කු ඉරිදා ප්‍රහාර වැනි සිදුවීම්වලට ඉඩ නොදිය යුතු බවත් එවැනි කනගාටුදායක සිදුවීමත් සිදුවුවත් ශ්‍රී ලංකාව තවමත් ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ මේ වසරේ සංචාරයට හොඳම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බවත් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවේ නවතම ලිපියේ සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − two =