දුම්රිය වර්ජනය තවදුරටත් – සාමාන්‍යාධිකාරීට කැඳවීමක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාව අද(04) පෙරවරු 9.30 ට සාකච්ඡාවක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.

බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුවන බව පවසමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබුණි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ හමුදා නිලධාරීන් ද යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *