කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ දකුණුදිග කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

වසර 20කින් සිදුවූ විශාලතම භූ කම්පනය ලෙස මෙය සැලකේ. රිච්ඩ්ක්‍රෙස්ට් නගරය ආසන්නයේ හටගත් භූකම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුතු බව, බලධාරීන් පවසයි. ලොස් ඇන්ජලිස් නගරයට ඊශාන දෙසින් කිලෝ මීටර 150ක් ඈතින් එහි අපිකේන්ද්‍රය පිහිටා තිබේ.

භූ කම්පනයත් සමග හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරිණ. රිච්ඩ්ක්‍රෙස්ට් ප්‍රාදේශීය රෝහලේ රෝගීන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

බලධාරීන් කියා සිටිනනේ, භූ කම්පනයත් සමග ගොඩනැගිලි කඩා වැටීමෙන් ඒවාට යටවී පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී ඇති බවයි. නෙවාඩාහි ලාස්වේගාස් නගරයට ද භූ කම්පනය දැනී තිබේ. පසු කම්පන කිහිපයක් ද සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *