මත්ද්‍රව්‍ය විරෝධී දිනය සැමරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහාය

(කොළඹ, ලංකාපුවත්) –ජුනි 26 වන දිනට යෙදී තිබුන මත් ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් මත්ද්‍රව්‍ය විරෝදී සතියක් ප්‍රකාශයට පත්කර තිබුනි.

එම කටයුත්ත වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) චන්දන ඒකනායක මහතාගේ සංවිධානය මඟින් පසුගිය 30 වනදා බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භකර වනාතමුල්ල සහ සහස්‍රපුර යන ප්‍රදේශයන් හි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වූහ.

මෙම ප්‍රදේශයන් තෝරා ගැනීමට හේතුව ලෙස බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා එහිදී පවසා සිටියේ මෙම ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී බන්ධනාගාරගත වන විශාල ප්‍රමාණයක් සිටින හෙයින් මෙහි ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රදේශ තෝරා ගත් බවයි. තවද, බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ජීවිත, පවුල් අහිමිවී යන බවත්, පවුල් ජීවිත බිඳවැටීමත්, අනාගත තරුණයින්ගේ රටට ලැබෙන ශ්‍රමදායකත්වය අහිමිවී රටට විශාල විනාශක් සිදුවන බවයි.

මෙහිදී වැලිකඩ බන්ධනාගාරයෙහි සහ මහර බන්ධනාගාරයෙහි රදවා සිටින රැදවූවන් විසින් මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආනිසංස පිළිබද දැනුවත් කිරීමේ නාට්‍ය දෙකක්ද මෙම පාගමන සඳහා යොදා ගන්නා ලදී. මෙය සහස්‍රපුර ප්‍රදේශයෙහි වේදිකාගත කර එම ප්‍රදේශයන්හි ජනතාව දැනුවත් කිරීමට ද චන්ද්‍රන ඒකනායක මහතා කටයුතු කලහ.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) තුෂාර උපුල්දෙනිය මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ විශ්‍රාමික පොලිස්පති සිරිසේන හේරත් මහතා, සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ මහත්මිය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී එච්.එස්.සී.පෙරේරා මහතා සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව බන්ධනාගාර රැදවූවන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =