හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව අද නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද(05) ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුව සදහන් කරයි.

දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් මෙම තත්වයට හේතු වී ඇත.

එම දෙපාර්තමේන්තුවෙ කොමසාරිස් ජනරාල් වියනා ගුණතිලක මහතා පැවසුවේ පරිගණක පද්ධතියේ යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවුවද අනෙක් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව වියනා ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *