කථානායක ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) –කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය.

එළඹෙන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබදව මෙම පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමු කෙරේ.

අදාළ පනත සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ. එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට දිනයේ පවත්වනවාද? නැද්ද පිළිබද මෙහිදි සාකච්ඡා වනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාව 10 සහ 11 විවාදයට ගැනීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *