සාමාන්‍ය පෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ලබන සැප්තැම්බරයට පෙර

(කොළඹ, ලංකාපුවත්) –ලබන සැප්තැම්බර් මාසය වන විට මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ සියලු ජාතික හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අයදුම්පත්වලින් 90 % ක් පමණ මේ වනවිට ලැබී ඇති බවත් , සාමාන්‍යයෙන් වසරකට සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා කියා සිටියේය.

මේ අතර එක් දින සේවයද ඇතුලු හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවා අද (08) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවද වියානි ගුණතිලක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *