සැම්සුන් සමාගමට ඔස්ට්‍රේලියාවෙන් නඩු

(කොළඹ, ලංකාපුවත්) – සිය සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකථනවල ජාල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සැම්සුන් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ පිහිනන විට සහ දිය මත ලිස්සා යන ක්‍රියාකාරකම්වල දී ජංගම දුරකථනය භාවිත කළ හැකි බව පෙන්වමින් සැම්සුන් සමාගම ‘ව්‍යාජ’ තොරතුරු ප්‍රචාරණය සිදු කර ඇති බවයි.

නඩු පැවරීමට පෙර සැම්සුන් සමාගම පළ කළ 300කට අධික වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් නැරඹූ බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසන අතර සිය සමාගමේ වෙළෙඳ දැන්වීම්වල නිරවද්‍යතාව වෙනුවෙන් පෙනී සිට පැමිණිල්ලට වගඋත්තර ලබා දෙන බව සැම්සුන් සමාගම විදෙස් පුවත් වෙත ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *