ගුවන් යානයක් නිසා ඉන්දීයාවෙන් ICC යට පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉකුත් දා ශ‍්‍රී ලංකාවට එරෙහි තරගය පැවැත්වෙද්දී ලීඩ්ස් ක්‍රිකට් කී‍්‍රඩාංගනයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුවී තිබේ.

ඊට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානය මගින් දේශපාලන පණිවිඩයක් සහිත විශාල ප‍්‍රමාණයේ බැනරයක් ප‍්‍රදර්ශනය වන අයුරෙන් පියාසර කිරීමයි.

අදාළ බැනරයේ දැක්වුනේ ඉන්දියාවේ මැර කල්ලි පාලනයට සහය විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

තරගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් පළමු ගුවන් යානය ‘Justice for Kashmir’ වැකිය සහිත බැනරයක් සමග ලීඩ්ස් ඉහළ අහසේ පියාසර කළේය.

ඉන් පැය භාගයකට පමණ පසුව දෙවැනි ගුවන් යානය ‘Help End Mob Lynching ’ යන වැකිය සහිතව පියාසර කළේය. ඉන් අනතුරුව ඉන්දියාව පන්දුවට පහරදෙමින් සිටින විට තෙවැනි ගුවන් යානය ‘Help End Mob Lynching’ යන වැකිය සහිතව පියාසර කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *