මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහරදිමේ සිද්ධියට බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –2009 වසරේ දී මාධ්‍යවේදි උපාලි තෙන්නකොන් මහතාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශයේ කොප්‍රල් ලලිත් රාජපක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ ඇගිලි සළකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇගිලි සළකුණු ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව මෙම සැකකරු අද (08) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *