වියළි කාලගුණයෙන් හාරලක්ෂ පනස් දහසකට දැඩි පීඩා

(කොළඹ, ලංකාපුවත්) –පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ පුත්තලම මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්වල ජනතාව එලෙස පීඩාවට පත්ව ඇති බවත් පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

නිරිත දිග මෝසම හා අන්තර් මෝසම අපේක්ෂිත පරිදි නොලැබීම හේතුවෙන් ඉදිරියේදී කෘෂිකාර්මික කටයුතු දැඩි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුන්‍යවර්ධන මහතා සඳහන් කළේ ඉදිරි කාලය තුළ මෙරට බොහෝ ප්‍රදේශවලට කටුක වියළි කාලගුණ තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *